| IMDB Rating | ⭐ na/10 |
| Genre | Social/Thriller |
| Language | Tamil |
ඇය අනිතා. සාමාන්‍ය පවුලක ඉපදිලා තමන්ගේ හීන පස්සේ යන, රස්සාවක් හොයන සාමාන්‍ය තරුණියක්. දවසක් තමන්ගේ යෙහෙළියක් එක්ක පාටි එකකට යන ඇයට එදා රාත්‍රියේ සිද්ධ වෙන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක්. ඕනෑවට වඩා මත් වෙන ඇයට, එදා රෑ සම්පූර්ණයෙන්ම සිහි නැති වෙනවා.
පහුවදා උදේ සාමාන්‍ය විදිහට අවදි වෙන ඇය, සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. හැබැයි මාස දෙකකට පස්සේ ඇයට දැනගන්න ලැබෙන්නේ ඇගේ මුළු ලෝකෙම කඩාගෙන වැටෙන විදිහේ රහසක්...
ඇය ගැබ්ගෙන!
ඒත් කොහොමද? කවුද ඒ දේ කළේ? ඇයට කිසිම දෙයක් මතක නෑ.
මේ ලොකු ප්‍රශ්නය තමන්ගේ අම්මටයි තාත්තටයි කියන්න තරම් හයියක් හෝ ධෛර්යයක් ඇයට නෑ. ඒ මදිවට මුළු රටම කොරෝනා නිසා ලොක්ඩවුන් වෙනවා. ගෙදරින් එළියට බහින්නවත් බැරි මේ කාලය ඇතුළේ, ගෙදර අයටත් හොරෙන් තමන්ගේ යෙහෙළියත් එක්ක එකතු වෙලා ඇය තනියම මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න උත්සාහ කරනවා.
හැබැයි ඇය ඒ යන පාර, ඇයව අරගෙන යන්නේ ඊට වඩා දහස් ගුණයකින් භයානක, අඳුරු අගාධයකට...
අනුතාට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? ඇගේ දෙමව්පියන්ට මේ රහස දැනගන්න ලැබෙයිද? තනියම ප්‍රශ්න විසඳගන්න යන තරුණියකට මේ සමාජයෙන් ලැබෙන උදව්ව මොකක්ද?
කතාවේ අවසානය ඔයා හිතනවාට වඩා ගොඩක් වෙනස් වගේම හිතාගන්න බැරි තරම් සංවේදී එකක් වේවි. තමන්ගේ ප්‍රශ්න දෙමව්පියන්ගෙන් හංගන අයට සහ, යහළුවන්ව ඕනෑවට වඩා විශ්වාස කරන අයට මේ චිත්‍රපටය කියාදෙන්නේ කවදාවත් අමතක නොවන පාඩමක්!
අනිවාර්යයෙන්ම බලන්න... අවසානය වෙනකල්ම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම නිර්මාණයක්! 💯
Movie Trailer / Watch Online
Download Movie
Download 720p HD (Direct Link)Alternative Links
Click Here to Watch Online (Server 1)| Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම | Cinerulk |

Comments
Post a Comment